Thursday, October 9, 2014


මේ අපූරු Tattoo එකට ඔබේ ජංගම දුරකථනය 
Unlock කරන්න පුලුවන්
මොටොරොලා සමාගම VivaLnk සමාගමත් සමඟ එකතුවෙලා අමුතු Tattoo එකක් නිර්මාණය කරලා. සම මත තාවකාලිකව අලවන්න පුළුවන් මේ ටැටූ එකට පුළුවන් ඔයාගේ ජංගම දුරකථනය unlock කරන්න. ඉතින් ඒ නිසා PIN අංක හරි Unlock Patterns හරි අවශ්‍ය වෙන්නේ නැහැ. කරන්න තියෙන්නේ ඇඟේ අලවලා තියෙන මේ tattoo එක මත ඔයාගේ Moto X ජංගම දුරකථනය තියන්න විතරයි. ඇයි ඒත් Moto X විතරක්. ඔව් දැනට මේ tattoo එක වැඩ කරන්නේ Moto X ජංගම දුරකථනයට විතරයි.
tattoo
බලමු මේ අමුතු ටැටූ එක කොහොමද වැඩකරන්නේ කියලා. ඇත්තෙන්ම මෙය ඉතාමත් තුනී NFC (Near field communication) පරිපථයක්. ඒ NFC පරිපථය සමට අපහසුවක් නොදැනෙන මැලියම් වර්ගයකිනුයි සම්බන්ධ කර ඇත්තේ. ඒ නිසා මෙය සම මත කැසීම්, වේදනාවන් වගේ අතුරු ආබාධ වලින් තොර බවයි මොටොරොලා පවසන්නේ.
SEE ALSO: Moto G – මිලෙන් අඩු සුපිරි android බලවතා
$10 වැනි මුදලකට Tattoos 10ක් සහිත පැකට්ටුවක් මිලදීගැනීමට හැකි වුවත් එක් Tattoo එකක් දින 5ක් පමණ කාලයක් පමණයි භාවිත කරන්න හැකියාව තියෙන්නේ. ඒ නිසා මේ නිපැයුම කොයිතරම් ප්‍රායෝගික දෙයක්ද කියලානම් මොටෝරොලා සමාගමට නැවත වරන් සිතන්නට වේවි.